රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු !
අද අපි එංගලන්තේ විදියට ඕට්ස් තෝසේ හදමු ! මේක එංගලන්තේ උතුරු ස්ටැෆර්ඩ්ෂයර් කියන පළාතට ආවේනික කෑමක්. ඒ නිසා මේකට කියන්නේ ස්ටැෆර්ඩ්ෂයර් ඕට්කේක්ස් කියලා. ඉංග්‍රීසියෙන් ඕට්කේක්ස් කීවත් ලංකාවේ විදියට මේක තෝසෙ වගේ කෑමක්. ඕට්මීල් ග්‍රයින්ඩ් කරලා පිටි හදලා ඒකට පාන්පිටි, කිරි, වතුර, සීනි සහ ලුණු කලවම් කරලා මිශ්‍රණයක් හදලා ඒක යීස්ට් දාල පිපෙන්න තියලා හදන බැටර් එක හදාගන්නවා. අපි තෝසේ හදන විදියට හුගක් සමාන විදියටයි මේ ස්ටැෆර්ඩ්ෂයර් ඕට්කේක්ස් එකත් හදන්නෙ.
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු (වීඩියෝව)
උතුරු ස්ටැෆර්ඩ්ෂයර් පළාතට ආවේනික ආහාරයක්
ස්ටැෆර්ඩ්ෂයර් ඕට් කේක්ස් කියන්නෙ විශේෂයෙන්ම එංගලන්තයේ උතුරු ස්ටැෆර්ඩ්ෂයර් වලට ආවේනික ආහාරයක්. ඒ නිසා, එංගලන්තයේ වෙනත් ප්‍රදේශ වල ජිවත් වෙන මගෙ යාලුවෝ, මම මගේ ස්ටැෆර්ඩ්ෂයර් ඕට්කේක්ස් එයාලත් සමඟ බෙදා ගන්නකම්, ස්ටැෆර්ඩ්ෂයර් ඕට් කේක්ස් ගැන දැනගෙන සිටියේ නැහැ. මම දන්න එක ගැන එයාලත් පුදුම උනා, එයාල නොදන්න එකට මමත් පුදුම උනා. කොහොම උනත් එයාල රස කර කර මම හැදුව ස්ටැෆර්ඩ්ෂයර් ඕට් කේක්ස් කෑව.
වෙනත් රටවල තෝසේ වගේ කෑම
තවත් සිත් ඇදගන්නා සුළු කරුණක් නම්, ලංකාවේ තෝසේ වගේ කෑම ජාති ලෝකේ අනිත් රටවලත් තියෙනවා. ඒ ඒ රටවල ලේසියෙන් හොයාගන්න පුළුවන් පිටි වර්ග වලින් හදන නිසා හදන පිටි වර්ග වෙනස් වෙනවා. ඉතියෝපියානු ඉන්ජෙරා, ඉන්දියානු දෝසා, යේමනයේ ලාහු, සෝමාලියානු ඇන්ජීරෝ, ඒ වගේ කීපයක්.
ඕට්ස් හරිම පෝෂ්‍යදායකයි
ඕට්ස් සැලකෙන්නේ ලොව තියෙන පෝෂණ ගුණයෙන් ඉහළම ධාන්‍ය වර්ගයක් ලෙසටයි. අපිට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් රෝගාබාධ රැසකින්ම අපිට ආරක්ෂාවත් ලබා දෙනවා. ඕට්ස් හුගක් අය කන්නේ පෝෂණීය උදෑසන ආහාර වේලක් විදියට උනත් මේ ඕට්ස් තෝසේ එක උදේ ආහාරය සඳහා පමණක් නෙමෙයි උදේට දවල්ට රෑට තුන්වේලටම කන්න පුලුවන්.
ඔයාල කැමැති විදියට සංග්‍රහ කරන්න
ස්ටැෆර්ඩ්ෂයර් (එංගලන්තේ)-ස්ටයිල් එකට තෝසේ එක උඩ චීස් මෙල්ට් කරලා ෆ්‍රයිඩ් කරපු බේකන්/සොසේජස්/එග් දාලා රෝල් කරලා කනකොටත් රසයි ! ජෑම් බටර් වගේ පැණිරස දේවල් එක්කත් රසයි ! අපේ කරි ජාති එක්ක කටට සැරට කනකොටත් රසයි !
ඕට්ස් පිටි කොහොමද හදාගන්නේ?
ඕට්මීල් (oatmeal)වලින් ලේසියෙන් ඕට් පිටි (ground oats) හදාගන්න පුලුවන්! ඕට්මීල් (oatmeal) ග්රරයින්ඩ / බ්ලෙන්ඩරයක අඹරන්න. පාන් පිටි වගේ සිහින්ව කුඩු කරගන්න ඕනේ නැහැ.
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු (රෙසිපි)
අවශ්‍ය දේවල්
- ඕට් පිටි ග්‍රෑම් 150
- පිටි ග්‍රෑම් 150
- කිරි මිලි ලීටර් 300, කෝප්ප 1 1/4 පමණ, උණුසුම්
- වතුර මිලි ලීටර් 350, කෝප්ප 1 1/2 පමණ, උණුසුම්
- සීනි තේ හැඳි 1
- රස අනුව ලුණු
- ක්ෂනික යීස්ට් තේ හැඳි 1
- ආප්ප සෝඩා තේ හැඳි 1/4
- තෙල්, පිසීම සඳහා
දැන් මිශ්‍රණය හදාගනිමු
භාජනයක ඕට් පිටි, පිටි, සීනි සහ ලුණු විස්ක් කරන්න.
දැන් යීස්ට් එකතු කරලා විස්ක් කරන්න.
කිරි සහ වතුර (මිලි ලීටර් 200)ක් මිශ්‍ර කරන්න.
මිශ්‍රණය මද රස්නෙන් තියෙන්න ඕනෙ.
දැන් ටික ටික මිශ්‍රණය පිටි වලට එකතු කරන්න.
හොඳට විස්ක් කරලා කැටි නැති පිටි මිශ්‍රණයක් හදාගන්න.
දැන් මද උණුසුම් ස්ථානයක පැයක්/පැය 2ක් අතර කාලයක් තබන්න.
*උණුසුම, ඊස්ට් වල ක්‍රියාකාරීත්වය වගේ දේවල් මත කාලය වෙනස් වෙනවා
මිශ්‍රණය ලස්සනට පිපුනට පස්සෙ වතුර ටිකක ආප්ප සෝඩා
දියකරලා මිශ්‍රණයට එකතු කරලා විස්ක් කරන්න.
අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා මිශ්‍රණය තුනී කරන්න.
*මම වතුර මිලි ලීටර් 150ක් විතර එකතු කලා
දැන් මද උණුසුම් ස්ථානයක විනාඩි 15ක් විතර තියන්න.
දැන් අපි තෝසේ හදමු!
පෑන් එකක් හොඳට රත් කරන්න.
තෙල් ටිකක් යාන්තමට ගාන්න.
හැන්දකින් මිශ්‍රණය වත්කරන්න.
පෑන් එක කරකවලා තුනී කරන්න.
*ලස්සනට බුබුළු දානවානම් තෝසේ එක හරිම ලසන්නයි වගේම රසයි
තෝසේ එක උඩපැත්ත වේලෙනකම් ෆ්‍රයි කරන්න.
දැන් අනිත් පැත්තට හරවලා ෆ්‍රයි කරන්න. තෝසේ එකෙ මතුපිට තරමක් දුඹුරු වෙනකම් ෆ්රය් කරන්න.
ඉතුරු තෝසේ ටිකත් මේ විදියට හදාගන්න.
මේ වගේ ලස්සනට හදාගන්න
අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !
සිංහලෙන් කියවන්න
ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
රසට ලස්සනට කොකිස් හදමු
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු
ඉංග්‍රීසියෙන් කියවන්න
Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe
සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World