ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු ! ෂක්ෂුකා කියන්නෙ තක්කාලි සෝස් එකක බිත්තර පෝච් කරලා හදාගන්න කෑමක්. මේක මිඩ්ල් ඊස්ට් වල, ඊශ්‍රායලයෙ, නිව්යෝක් වල ජනප්‍රිය කෑමක්. ලේසි පහසු අලුත් විදියකට බිත්තර හදලා පාන් එක්ක කාලා බලමු. බත් එක්කත් රසයි.
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු (වීඩියෝව)
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු (කුකිං ටිප්ස්)
*පෝච්ඩ් එග්ස් (Poached eggs); පෝච්කරනව කියන්නෙ බිත්තරයේ කටුව නැතිව බිත්තරයක් තම්බගන්න එකට.
*කහමදය පොඩ්ඩක් කැඩුවම වැක්කෙරෙන ගාණට තමා මම බිත්තරය තම්බගන්නේ. ඒත් කහමදය හොඳින් සෙට් වෙන්න හදාගත්තත් කමක් නැහැ.
*මම සෝස් එක කලින් හදලා ෆ්‍රිජ් එකේ දාල තියනව. ෆ්‍රීස් කරන්නත් පුලුවන් (deep freezer එකේ) එතකොට උදේට හරිම ලේසියි. සෝස් එක රත්කරල බිත්තර කඩල දාල විනාඩි 5ක් 6ක් විතර තම්බගන්නවා. එතකොට විනාඩි දහයෙන් අපේ උදේ කෑම ලෑස්තියි.
*මේක බේසික් රෙසිපි එකක්. ඔයාලට කැමති විදියට වෙනස් කරලා කැමති එලවලු කුළුබඩු ජාති ඒකතු කරලා ඔයාලගේම ෂක්ෂුකා රෙසිපි එකක් හදාගන්න පුලුවන්.
*මේ සෝස් එක අලුත් තක්කාලි වලින් විතරක් හදන්නත් පුලුවන්. කෑන් කල තක්කාලි වලින් වලින් විතරක් හදන්නත් පුලුවන්. මම ඒ දෙකම කලවම් කරලා හැදුව. එතකොට රසත් හොඳයි පාටත් දෙකම හොඳයි.
*බෙල් පෙපර් වෙනුවට මාළුමිරිස්, අමුමිරිස් වගේ ඔයාලට කැමති මිරිස් ඒකතු කරන්න පුලුවන්
*ලිපෙන් බාගෙන කැමති නම් මින්ච් කොළ පාස්ලි වගේ දේවල් උඩින් ඉහින්නත් පුලුවන්.
ලේසියෙන් තක්කාලි වල පොතු ඇරගන්නෙ මෙහෙමයි!
තක්කාලි ගෙඩියෙ නැට්ට නැති පැත්තට කතිරයක් විදියට කැපුමක් දාගෙන උනුවතුරේ දාල විනාඩියක් විතර තියලා ඇල් වතුරට දාන්න. එහෙම කලාම ලේසියෙන් පොත්ත ගැලවෙනවා. පොත්ත ගලවා ගත්ත තක්කාලි බාජනයකට දාල පොඩි කරගන්න. පොත්ත ගලවන්නේ නැතුව පොඩිවට කපාගන්නත් පුලුවන්.
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු (රෙසිපි)
අවශ්‍ය දේවල්
- පොතු හැර පොඩි කරගත් තක්කාලි ගෙඩි 2ක් *ග්‍රෑම් 200ක් පමණ
- පොඩි කරගත් කෑන් කල තක්කාලි ග්‍රෑම් 200ක් පමණ
- ඔලිව් හෝ පොල්තෙල් මේස හැදි 2 ක්
- සිහින්ව කපාගත් සුදුළුෑණු බික් 2ක්
- තක්කාලි සෝස් හෝ චිලිපේස්ට් මේස හැදි 1 ක්
- සිහින්ව කපාගත් රටළුෑණු ගෙඩියක්
- කොටු කපාගත් බෙල් පෙපර් හෝ මාලුමිරිස් 1 ක්
- ලුනු සහ ගම්මිරිස් කුඩු, රස අනුව
- වතුර කෝප්ප 1/2ක්
- බිත්තර 4ක්
සාදාගන්නා ක්‍රමය
- පෑන් එකක තෙල් රත් කරන්න.
- සුදුළුෑණු එකතු කරලා සුවඳ එනකම් බදින්න.
- චිලිපේස්ට් එකතු කරලා හොඳට කලවම් කරන්න.
- රටළුෑණු, බෙල් පෙපර් සහ මිරිස් එකතු කරලා ටික වෙලාවක් තෙම්පරාදු කරන්න.
- රස අනුව ලුනු ගම්මිරිස් එකතු කරගන්න.
- ටිකක් තෙම්පරාදු වේගෙන එනකොට තක්කාලි එකතු කරලා හොඳට කලවම් කරන්න.
- වතුර එකතු කරලා හොදින් මිශ්රකරමින් විනාඩි පහක් පමණ මද ගින්නෙ උයාගන්න.
- දැන් බිත්තර කඩලා සෝස් එකට එකතු කරගන්න.
- දැන් සෝස් එකේ පොඩි හිඩැස් වගේ හදලා බිත්තර වෙන වෙනම කඩලා මේ හිඩැස් වලට කහමදය නොකැඩෙන්න පරිස්සමින් එකතු කරන්න.
- *බිත්තර අතර පොඩි ඉඩක් තියාගන්න
- දැන් පියනකින් වහලා විනාඩි පහක් හයක් පමණ මද ගින්නෙ බිත්තර තම්බගන්න. ඔයාල කැමති ගානට බිත්තර තැම්බුනාම ලිපෙන් බා ගන්න.
හදාගන්න හරිම ලේසි නේද😊
දැන්, ඔයාලට අලුත් විදියකට හදාගත්ත බිත්තර කෑමක රස බලන්න පුලුවන්
අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !
සිංහලෙන් කියවන්න
ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
රසට ලස්සනට කොකිස් හදමු
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු
ඉංග්‍රීසියෙන් කියවන්න
Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe
සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World