• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar

Joy of Eating the World

FOOD-ONE SHARED LANGUAGE FOR EVERYONE TO ENJOY! the life

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !
You are here: Home / ALL RECIPES / ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු

ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු

රසට ලස්සනට ආප්ප හදමු
රසට ලස්සනට ආප්ප හදමු

අපි හැමෝම ආප්ප කන්න ආසයි. ආප්ප කන්න ඉතිං‍ ගෙදර හදන්නම ඕනේ නැහැනේ. කන්න හිතුනම උණු උණු ආප්ප කඩෙන් ගේන්න පුළුවන්නෙ. ලංකාවේ හිටියනම් මමත් ලේසියට කඩෙන් අරන් කනවා. එත් ඉතින් පිටරට ජිවත් වෙනකොට ආප්පයක් කන්න නිවාඩුවකට ලංකාවට යනකම් බලන් ඉන්න බැහැනේ 😢 හදන්න පුරුදු වෙන්න වෙනවා. එත් ඉතින් [ආප්ප කනවා වගේ] ලේසියෙන් රසට ලස්සනට ආප්පයක් හදාගන්න බැහැනේ නේද?

මම ආප්ප මිශ්‍රණය හදන්නේ මෙහෙමයි !

ඔන්න අද කියලා දෙන්න යන්නෙ මගෙ ක්‍රමයට ලේසියෙන් ලස්සනට රසට කර කර ගාලා හැපෙන ආප්ප හදන්නේ කොහොමද කියල. අපේ අම්මා (මගෙ අම්මා) ආප්ප හදන්නේ පොඟවපු හාල් පිටි වෙන්න කොටලා ඒ පිටි දෙතුන් පාරක් හලලා. අම්මගේ ක්‍රමයට හාල් කොටන්නයි හලන්නයි ගියාම ආප්ප කන එක එපා වෙනවා. ඒ නිසා මම පොඟවපු හාල් වලට වතුර දාල අඹරලා ලේසියෙන් ආප්ප මිශ්‍රණය හදාගන්නවා. මේ විදියට හදනකොට දෙතුන් පාරක් හාල් කොටන්නයි හලන්නයි ඕනේ නැහැ. හොඳ ග්‍රයින්ඩර් එකක් තියෙනවනම් විනාඩියෙන් දෙකෙන් ආප්ප මිශ්‍රණය හදාගන්න පුළුවන්.

ආප්ප හදන්න දවස් දෙකකට කලින් ලෑස්ති වෙන්න ඕනේ. හාල් ටික පොඟවනවා. මිශ්‍රණය පිපෙනවා. අපි ඒ අතරේ අපේ අනිත් වැඩ ටික කරගෙන පුරුදු විදියට ජීවත් වෙනවා. හාල් අඹරාගන්න වෙලාවට වතුර අඩුම ප්‍රමාණයක් එකතු කරලා අඹරාගන්න එක හරිම වැදගත්. ඒ නිසා වතුර ටික ටික එකතු කරන්න අමතක කරන්න එපා. මම හාල් අඹරාගන්නෙ වතුර වලින්. පොල්කිරි වලින් නෙමෙයි.

මෙහෙම ග්‍රරයින්ඩර් එකෙන් හාල් අඹරාගන්න කොට චුටි කුඩු වගේ ඉතුරු වෙනවා. ඒ කුඩු ප්‍රශ්නයක් කරගන්න එපා 😀. මොකද දන්නවද? ඒ කුඩු ගතිය නිසා තමා ආප්ප ක්‍රිස්පී වෙන්නේ. ඒ කියන්නේ ආප්පෙ වාටිය හොදට කර කර ගාලා හැපෙනවා. කඩෙන් ගන්න හාල් පිටි වලින් ආප්ප හැදුවම ඒ ක්‍රිස්පී ගතිය එන්නේ නැහැ.

ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු (වීඩියෝව)

හදලා හදලා පුරුදු වෙමු !

මම මුලින්ම හැදුව ආප්පය ගැන කියනවනම් මේක ආප්පයක්ද? එහෙම නැත්නම් කිරි රොටියක්ද? කියල මම මගෙන්ම ඇහුවා😁 හදන්න පටන් ගත්ත කාලේ ආප්ප මිශ්‍රණය හරියට හදාගන්නත් බැහැ. තාච්චිය කරකවලා ලස්සනට රවුමට තුනී කරගන්නත් අමාරුයි. ආප්පෙට වාටියකුත් නැහැ,  හරියට  කර කර ගාලා හැපෙන්නෙත් නැහැ, ආප්පෙ ගලෝ ගන්න එකත් අමාරුයි.

හැබැයි ඔය කොයි දේත් හදනකොට හදනකොට පුරුවෙනවා. මම මේ දේවල් කියන්නේ මගෙ අත්දැකීම් වලින්. ඒ නිසා පළවෙනි ආප්පෙ රොටියක් උනා කියල ආප්ප හැදිල්ල අත අරින්න එපා. කෑම හදන එකත් විද්‍යාගාරයේ කරන පරීක්ෂණ වගේ තමා. තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිපලය එනකම් අරවා මේවා ටෙස්ට් කරලා බලනවා. ඒ නිසා අපි හදලා හදලා පුරුදුවෙමු.

ලස්සනට ආප්ප හදන්න කුකිං ටිප්ස්

  • ආප්ප හදන්න දවස් දෙකකට කලින් ලෑස්ති වෙන්න ඕනේ. හාල් ටික පෙගෙනවා. මිශ්‍රණය පිපෙනවා. අපි ඒ අතරේ අපේ අනිත් වැඩ ටික කරගෙන පුරුදු විදියට ජීවත් වෙනවා.
  • හාල් හොඳට පොගවාගන්න ඕනේ. මම රෑට පෙගෙන්න දාල උදේට අඹරාගන්නවා නැත්නම් උදේට පෙගෙන්න දාල රෑට අඹරාගන්නවා.
  • හාල් අඹරාගන්න වෙලාවට වතුර අඩුම ප්‍රමාණයක් එකතු කරලා අඹරාගන්න එක හරිම වැදගත්. ඒ නිසා වතුර ටික ටික එකතු කරන්න අමතක කරන්න එපා. පස්සේ අපිට පොල්කිරි එකතු කරලා ගානට ආප්ප මිශ්‍රණය හදාගන්න පුළුවන්. මම හාල් අඹරාගන්නෙ වතුර වලින්. පොල්කිරි වලින් නෙමෙයි.
  • මෙහෙම ග්‍රරයින්ඩර් එකෙන් හාල් අඹරාගන්න කොට චුටි කුඩු වගේ ඉතුරු වෙනවා. ඒ කුඩු ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද දන්නවද? ඒ කුඩු ගතිය නිසා තමා ආප්ප ක්‍රිස්පී වෙන්නේ. ඒ කියන්නේ ආප්පෙ වාටිය හොදට කර කර ගාලා හැපෙනවා. කඩෙන් ගන්න හාල් පිටි වලින් ආප්ප හැදුවම ඒ ක්‍රිස්පී ගතිය එන්නේ නැහැ.
  • මිශ්‍රනය හොඳට පිපුනම ආප්ප ලස්සනට හැදෙනවා. ඒ වගේම ගලවගන්නත් ලේසියි. උණුසුම් තැනක පැය 12ක් විතර තියන්න. රස්නෙ කාලෙට ඒ වගේම සිතල කාලෙට මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ලස්සනට පිපිලා ආප්ප වල ඇඹුල් සුවඳ එනවා නම් හරි.
  • ආප්ප මිශ්‍රණය හදාගන්නකොට ගොඩක් දියර ගතියක් නැතිව ගොඩක් ගනකමත් නැති වෙන්න හදා ගන්න ඕනේ. ඒ නිසා පොල් කිරි ටික ටික දාල කලවම් කරන්න ඕනේ.
  • මම ආප්ප හදන්නේ නන්ස්ටික් පෑන් එකක. මම තෙල් ගාන්නේ නැහැ.
  • තාච්චිය හරි ගානට රත් කරගන්න ඕනේ. මේක හරිම වැදගත්. ගානට ආප්ප තාච්චිය රත් උනාම ආප්ප ලස්සනට හැදෙනවා. රස්නෙ වැඩි උනාමත් මිශ්‍රණය තාච්චියට ඇලවෙන්නේ නැහැ, රස්නෙ අඩු උනාමත් ඇලවෙන්නේ නැහැ.

ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු (රෙසිපි)

අවශ්‍ය දේවල් 

  • සුදු හාල් ග්රෑම් 250ක්
  • වතුර කෝප්ප 1/2 පමණ
  • සීනි මේස හැඳි 1ක්
  • ඉන්ස්ටන්ට් යීස්ට් තේ හැදි 1 ක්
  • මිටිකිරි (කෝප්ප 3/4ක් හෝ අවශ්‍ය පමණ)
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

  • හාල් සෝදා පැය 8ක් පමණ හෝ රැයක් පෙඟෙන්න තබා වතුර පෙරන්න.
  • වතුර අවම ප්‍රමාණයක් එකතුකර ග්‍රරයින්ඩර් එකක අඹරාගන්න.
  • අඹරාගත් පිටි  මිශ්‍රනය ලොකු භාජනයකට දමා, සීනි සහ ඉන්ස්ටන්ට් යීස්ට් එකතු කරලා මිශ්‍ර කරන්න.
  • උණුසුම් තැනක (පැය 6ක් පමණ හෝ රැයක්) හොඳට පිපෙන්න තියන්න.
  • රස අනුව ලුණු එකතු කර හොඳට කලවම් කරන්න.
  • දැන් මිටිකිරි ටික ටික එකතුකරලා මිශ්‍රනය තුනී කරන්න.
  • දැන් මේ මිශ්‍රණය උණුසුම් තැනක පැය බාගයක් පමණ තියන්න.
  • ආප්ප මිශ්‍රනය ලෑස්තියි.
  • ආප්ප තාච්චිය හොඳට රත්කරගන්න.
  • මිශ්‍රණයෙන් හැන්දක් තාච්චියට දමා, තාච්චිය කරකවමින් මිශ්‍රණය තුනී කරන්න.
  • දැන් පියන වසා මැද හොදට තැන්බිලා වටේ රන්වන් පාට වෙනකම් උයාගන්න.

මේ විදියට හදාගන්න හරිම ලේසියි නේද? ඒ වගෙම හරිම රසයි! හදලා බලන්නකෝ !

අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !

සිංහලෙන් කියවන්න

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
රසට ලස්සනට කොකිස් හදමු

ඉංග්‍රීසියෙන් කියවන්න

Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe

සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World

Related

Previous Post: « Easiest-Ever Fruitcake Recipe (Boil & Bake)
Next Post: How To Make Crispy Dosa (BEST & EASY) »
See More →

Primary Sidebar

Food-one shared language for everyone to enjoy!

Hi! I'm Kanthi
Meals getting boring? Craving more variety? Thanks to its beautiful diversity, our world is full of lovely foods. Once you start eating the world in your kitchen, you will never be stuck for cooking inspiration again and you’re bound to encounter your new favorites. Read more.......

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

TOP POSTS

フライパンで簡単「スリランカのホッパー」作り方
BEST! Watalappan (Sri Lankan Coconut Custard)
No-Crust Baked Cheesecake (Easiest Recipe Ever)
Perfect Sri Lankan Appa (Hoppers, Appam)
EASY! Bara (Nepali Lentil Pancakes)
簡単!生バラで🌹手作りロースヴォーター🌹作り方
The Best Double Fromage Cheesecake Recipe (Step-by-Step)
EASY! Jamaican Sweet Potato Pudding (Vegan)
ポルサンボル(スリランカのココナッツふりかけ)作り方
スリランカ「デビルチキン」の作り方

RECENT POSTS

  • Easy! Banh Xeo (Vietnamese Sizzling Pancakes)
  • All You Need: Sri Lankan Curry Powder Recipes
  • シンガポールの朝食!「カヤトースト」の作り方
  • Easy Kaya Toast (With Homemade Kaya Jam)
  • 簡単!カヤジャム(ココナッツジャム)失敗しない作り方
  • Easy Homemade Kaya Jam (Malaysian Coconut Jam)
  • エキゾチックな☆スイートミルクコーヒの作り方
  • Deliciously Moist Black Tea Chiffon Cake
  • Classic Sri Lankan Love Cake (Semolina Cake)
  • 練乳入りスパイスコーヒー★アイスクリームのせ♪

MENU

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !

CATEGORIES

TAGS

ALL ENGLISH RECIPES ALL RECIPES APPETIZER A to Z PANCAKES AROUND THE WORLD BEVARAGE AND DRINK BREAD BREAKFAST & BRUNCH BY INGREDIENTS CAKE PIE & TART CHEESECAKE CHICKEN CHICKEN CURRY COCONUT CREAM CHEESE CREPE CURRY DESSERT DINNER PARTY EGGS FESTIVE DISHES INDIAN JAPANESE JAPANESE DESSERT LIGHT MEAL MAIN DISHES & DINNER RECIPES PANCAKE PANCAKES AROUND THE WORLD PARTY FOODS POTATO RICE RICE FLOUR SAVORY SNACK SIDE DISH SNACK SPECIAL OCCASIONS SRI LANKAN SRI LANKAN BREAKFAST SRI LANKAN CURRY SRI LANKAN RECIPES STREET FOOD VEGAN VEGETARIAN WORLD CURRY WORLD FOOD 世界の料理レシピ集

Copyright © 2025 · Foodie Pro Theme on Genesis Framework · WordPress · Log in

 

Loading Comments...