කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු ! ලේසියට රසට අලුත් විදියට කෑම වේලක් ! මේ කංකුං බැදුම බත් එක්ක කන්නත් රසයි. ඒත් අද අලුත් විදියකට පැස්ටා එක්ක කාලා බලමු. පැස්ටා නැත්නම් නූඩ්ල්ස් වලින් හදන්නත් පුලුවන්.
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10න් හදමු (වීඩියෝව)
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10න් හදමු (රෙසිපි)
අවශ්‍ය දේවල්
- තෙල් මේස හැඳි 2ක්
- සුදු ලූනු බික් 4ක්
- පෙති කපාගත් ලොකු ලූනු ගෙඩි 1/4ක්
- පෙති කපාගත් තක්කාලි ගෙඩියක් හෝ චෙරි ටොමටෝ 5ක්
- අමු මිරිස් කරල් 2ක් හෝ බෙල් පේපර් 1ක්
- ලුණු, අවශ්‍ය පමණ
- චිලි සෝස් මේස හැඳි 1ක් හෝ මිරිස් කුඩු
- තක්කාලි මේස හැඳි 2ක්
- කංකුන් මිටියක්
- කැමති වර්ගයක පැස්ටා හෝ නුඩ්ල්ස්, 200g
සාදාගන්නා ආකාරය
- කංකුන් හොඳට සෝදාගෙන තෙත වියලා ගන්න
- නැටි සහ කොළ වෙන වෙනම අතින් කඩාගන්න
- පැකට් එකේ තියෙන විදියට පැස්ටා තම්බාගන්න
- පැස්ටා වලට වතුර රත් කරගන්න අතරේ කංකුං අතින් කඩාගන්න
- දැන් පැස්ටා ටික උනුවතුරට දාන්න
- පැස්ටා ටික තැම්බෙන අතරතුරේ ඉතුරු එළවලු ටික කපාගන්න
- පැස්ටා ටික තැම්බුනාම වතුර පෙරාගන්න
- දැන් කංකුං ගාලික් පැස්ටා හදන්න අවශ්‍ය දේවල් ලෑස්තියි
- පෑන් එකක තෙල් රත්කරගන්න
- සුදු ලුනු දාලා සුවඳ එනකම් බැදගන්න
- ලුනු ටික දාලා කලවම් කරන්න
- අමු මිරිස් සහ තක්කාලි ටික දාලා කලවම් කරන්න
- ලුණු, චිලි සෝස් සහ තක්කාලි සෝස් දාලා හොඳට කලවම් කරන්න
- දැන් කංකුන් වල දඩුයි නැටියි දාලා කලවම් කරන්න
- දැන් කංකුන් කොළ ටික දාලා ටික වෙලාවක් කලවම් කරලා ගින්දර නිවන්න
- ගොඩාක් වෙලා මැලවෙන්නට හරින්න එපා
- කොල පාට ගතියට තියෙනකොට ලස්සනයි
- දැන් පැස්ටා ටික කංකුන් බැදුමට දාලා හොඳට කලවම් කරන්න
දැන් අපේ කංකුං ගාලික් පැස්ටා එක ලෑස්තියි!
හදාගන්න ලේසියි නේද? ඒ වගෙම හරිම රසයි! හදලා බලන්නකෝ
අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !
සිංහලෙන් කියවන්න
ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
රසට ලස්සනට කොකිස් හදමු
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු
ඉංග්‍රීසියෙන් කියවන්න
Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe
සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World